මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත්ව මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 32ක් බේරාගෙන ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන්කරයි.
මෙම පිරිස අතර පිරිමි පුද්ගලයින් 24 ක් සහ කාන්තාවන් 08 දෙනකු සිටින බව පැවසේ.
මෙම කණ්ඩායම ඉක්මණින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සමග සම්බන්ධීකරණය කිරීමට නියමිත බවද අමාත්‍යාංශය පවසයි.
මෙලෙස බේරාගත් පිරිස තායිලන්තයේ ටක් නැමැති පළාතේ රඳවා ඇති බවද අමාත්‍යාංශය කියයි.