ජාතික පාසල් 2024 බොක්සිං තරගාවලියේ රන් පදක්කම් 03ක් හා රිදි පදක්කමක් දිනා ගනිමින් බාලිකා අංශයේ සමස්ථ ශූරතාවය දිනා ගැනිමට නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් කොටගල සිරි පැරකුම් විද්‍යාලය සමත්ව ඇත.
නුවරඑළිය අධ්‍යාපන කලාපයේ ක්‍රිඩා ඉතිහාසය වෙනස් කරමින් කණ්ඩායම් තරගයක කොටගල සිරි පැරකුම් විදුහල කණ්ඩායම් තරගයක සමස්ථ ශූරතාවය දිනා ගත් පලමු අවස්ථාවද මෙය වනු ඇත.

මෙම විදුහලේ සිසුන්ට බොක්සිං ක්‍රිඩාව පුහුණුවිම සදහා නිසි ස්ථානයක් නොමැති අතර පංති පැවැත්වෙන පංති කාමර සවස් කාලයේ අස්කර අවශ්‍ය ඉඩ පහසුකම් ලබා ගෙන ඉතාමත් දුෂ්කරථා මධ්‍යයේ මෙම සිසුවියන් පුහුණුවිම් සිදු කර මෙසේ ශුරථාවයන් රැගෙන ඒමද විශේෂත්වයක් වනු ඇත.
මෙම ජයග්‍රහාන පිලිබදව අදහස් දක්වන එම විදුහලේ විදුහල්පති මෙන්ම බොංසින් පුහුණු කාරිනියවන ලක්මිනි ලසන්තිකා මහත්මිය පවසන ලද්දේ මෙම දරුවන් සදහා පුහුණුවිම් සිදු කරන්නට නිසි ස්ථානයක් නොමැති සේම පුහුණුවේ යෙදිමට අවශ්‍ය ව්‍යායාම කට්ටල නොමැති විමෙන් කොන්ක්‍රිට් යොදා සකස් කරන ලද ව්‍යායාම කට්ටටල භාවිතා කිරිමට පියවර ගෙන ඇති බවත්ය.

එවන් තත්වයන් මත 2024 ජාතික පාසල් ක්‍රිඩා තරගාවලියේදි ක්‍රිඩිකාවන් හතර දෙනකු රෝයල් මාස් බොක්සින් කවයේදි පැවත්වෙන තරගය සදහා සහභාගි කර විමට පියවර ගත් බවත් එහිදි රන් පදක්කම් තුනක් හා රිදි පදක්කමක් දිනා ගනිමින් ජාතික පාසල් ක්‍රිඩා බොක්සිං තරගාවලියේ සමස්ථ බාලිකා ශුරථාවය කොටගල සිරි පැරකුම් විදුහලට ගෙන ඒමට හැකිවු බවත්ය.

මෙම සිසුවියන්ට අවශ්‍ය නිසි පහසුකම් ලබා දෙන්නේ නම් ජත්‍යන්තරයද ජය ගෙන ශ්‍රිලංකාවට කීර්තියක් ලබා දිමට හැකිවන බවද ලක්මිණි ලසන්තිකා මහත්මිය වැඩි දුරටත් පැවසිය.

44-46 බර පන්තිය රන් පදක්කම හිමි කර ගත් එස්. එම්. නිමසි මිලෝනියා සිසුවිය
46—48 බර පන්තිය රන් පදක්කම හිමි කර ගත් යු. බි. සොනාලි සිසුවිය
48—50 බර පන්තිය රන් පදක්කම හිමි කර ගත ටි. ඩි. ඉරේෂා මධුසානි සිසුවිය
54—57 බර පන්තිය රිදි පදක්කම හිමි කර ගත් කේ. මොනිසා සිසුවිය
විදුහලේ විදුහල්පති මෙන්ම බොක්සිං පුහුණුකාරි ලක්මිනි ලසන්තිකා මහත්මිය
තරු තුනේ බොක්සිං විනිසුරු නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රිඩා) සුසන්ත වීරසේකර මහතා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories