ශ්‍රී ලංකාවේ ආර්ථික හා සාමාජීය ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොවෙනස්වන සහායකයෙක් ලෙස මෙරටට හා මෙරට ජනතාවට උපකාර කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිඒවා පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිඒවා ඇගයීමක් සිදු කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිඒවා පවසන්නේ ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව බලාපොරොත්තු සහගත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.එමඟින් ණය තිරසරබව ඇතිකර ගැනීම, සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීම මෙන්ම, ආර්ථිකය වඩාත් හොඳින් පාලනය සහ එහි විනිවිද බව ඇතිකරගැනීමට සැලසුම්කරන බවයි.
පසුගිය වසරේ මාර්තු 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කළා. වසර 4ක් සඳහා එම වැඩසටහන ක්‍රියාත්මකයි.
එමෙන්ම මෙරට බලධාරීන් සාකච්ඡාවලින් අනතුරුව බැඳුම්කරහිමියන් සමග ඇතිකරගත් එකඟතාවය ද මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිඒවා මහත්මියගේ පැසසුමට ලක්විය.