ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය ‍අදට (09) යෙදී තිබෙනවා.

එයට සමගාමීව විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 2,138 දෙනෙක්ට උසස්වීම් ලබාදීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ නිර්දේශය මතයි.

ඒ අනුව සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158ක්ද බල නැවි තරාතිරම දක්වා නාවිකයන් 279ක්ද උසස් කර තිබෙනවා.

එමෙන්ම නායක නැවි තරාතිරම දක්වා නාවිකයන් 406ක්ද සුළු නිලධාරී තරාතිරම දක්වා නාවිකයන් 391ක්ද ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයන් 539ක්ද උසස් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සමූහ ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයන් 354ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයන් 11ක්ද වශයෙන් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 2,138ක් උසස් කර තිබෙනවා.

More Stories