හැටන් නගර මධ්‍යයේ පදික මාර්ගය අවහිර කරමින් වෙළදාම් කළ වෙළදසැල් හිමියකුට එරෙහිව නිතිමය පියවර ගැනීමට හැටන් පොලිසිය විසින් පියවර ගෙන ඇත.
මෙම වෙළදසැල් හිමියා පදික වේදිකාව අවහිර කරමින් එම ස්ථානය දැලකින් ආවරණය කර සෙරෙප්පු වෙළදාම් කරන අතර එම දැල ඉවත් කර පදිකයන්ට අවශ්‍ය මාර්ග පහසුකම් ලබා දීමට පියවර ගන්නා ලෙස හැටන් රථ වාහන පොලිසියේ නිලධාරින් අවස්ථා දෙක තුනකදී දැනුම්දී ඇත.
එමෙන්ම එක් අවස්ථාවකදී මෙම දැල ඉවත් කිරීමටද පොලිසිය කටයුතු කලද මෙම වෙළදසැල්හිමියා එම දැනුම්දිම් නොතකා නැවත පදික මාර්ගය අවහිර කිරීමටත් සමග එම දැල හා සෙරෙප්පු නඩු භාන්ඩ වශයෙන් ලබාගෙන එහි වෙළදසැල් හිමියාට එරෙහිව හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරුමට පියවර ගන්නා බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කේ. සි. සි. කුලසුරිය මහතා පැවසිය.

පදික මාර්ග පදියන්ට අහිමිවිමේ අවදානමක්

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories