ජංගම දුරකථන බාවිතා කරමින් සමහර රියදුරන් රථ වාහන ධාවනය කරවිමත් සමග විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට බොහෝ රියදුරන් ජංගම දුරකථන බාවිතා කරමින් තනි අතින් රථ වාහන ධාවනය කරවිම හේතුවෙන් රථ වාහන අනතුරු ඉහල යාමේ අවදානමක් පවතින බවත්ය.
මෙකි සමහර රියදුරන් මිනිස් ජිවිත පිලිබදව කිසිදු තැකිමක් නොකර ජංගම දුරකථන බාවිතා කරමින් තනි අතින් රිය ධාවනය කරවිම සිදු කරන බවත් මෙම ප්රදේශයේ වංගු සහිත මාර්ගවල එසේ තනි අතින් රථ වාහන ධාවනය කරවිම තුලින් සිදුවන අනතුරුවලින් වටිනා මිනිස් ජිවිත අකාලයේ අහිමි වන බවද එම පිරිස් පවසති.
මෙසේ ජංගම දුරකථක බාවිතා කරමින් රථ වාහන පදවන රියදුරන්ට එරෙහිව නිතිමය පියවර ගැනිමට අදාල නිලධාරින් පියවර ගත යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.