බණ්ඩාරවෙල, ඇල්ල සංචාරක නගරයේ කරඳගොල්ල නිල්දිය පොකුණ ඊයේ (27) සිට වසා දැමීමට රවණා ඇල්ල වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ.ඒ පුහුණුව ලැබූ මගපෙන්වන්නන් සහ නුපුහුණු මගපෙන්වන්නන් අතර ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්.
මේ හේතුවෙන් එම ප්රදේශය ආශ්රිතව සිය රැකියාවේ නිරත වන ත්රිරෝද රථ රියදුරන් සහ වෙළෙඳසැල්වලට දැඩි පාඩුවක් සිදු වී තිබේ.වනජීවී නිලධාරීන් කියා සිටියේ මේ සම්බන්ධව අද (28) ඇල්ල පොලීසියට දෙපාර්ශවයම කැඳවා පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි.