හැටන් අධ්‍යාපන කලාපයේ දික්ඔය විදුහලක සිසුන්ට ලබා දුන් ආහාර විසවිමකින් ළමුන් 13 දෙනකු රෝගාතුරවි 10වන දින සවස දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත.
දික්ඔය ශ්‍රිවානි ද්‍රවිඩ ප්‍රාථමික විදුහලේ සිසුන්ට පාසලෙන් සකස් කරන ලද ආහාර ලබා දිමෙන් පසුව එම සිසුන් තම නිවාසවලට යාමෙන් පසුව සවස් කාලයේ ඇතිවු වමනය ක්ලාන්ත ගතිය හේතුවෙන් මෙම සිසුන් මෙසේ රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ ආහාර විසවිමක් හේතුවෙන් දික්ඔය ප්‍රාථමික විදුහලේ පිරිමි ලමුන් 07 දෙනකු හා ගැහැනු ලමුන් 06 දෙනකු රෝහල් ගත කල බවත්ය.
මෙම සිසුන්ට වමනය යාම ක්ලාන්ත ගතිය යන රෝග ලක්ෂන පවතින හේයින් මෙසේ රෝහල් ගත කර ඇති බවත් මෙම ලමුන්ගේ තත්වයන් බරපතල නොවන බවත්ය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්