ක්ලින් ශ්‍රිලංකා ජාතික වැඩ සටහන නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කරන ආකාරය පිලිබදව නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිස් දැනුවත් කිරිමේ වැඩ සටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් න්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩ සටහන පැවති අතර මෙහිදි ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන පිලිබදව එම පිරිස දැනුවත් කිරිම ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බුද්ධික ජයතිස්ස මහතා විසින් පැවැත්වු අතර එහිදි අදහස් දැක්වු බුද්ධික ජයතිස්ස මහතා.
ක්ලින් ශ්‍රිලංකා යනු මිනිස් ජිවිතයට නිවරදි වටිනාකම ලබා දිම, පරිසරය සුවපත් කිරිම, ආදර්ශ ලබා දිම, මග පෙන්විම, යහපත් ලෙස වෙනස්විමේ අවශ්‍යතාවය තහවුරු කිරිම තුලින් පුද්ගල ජිවන රටාවන් යහපත් වෙනසකට ලක් කිරිම, ප්‍රමතිකරණය, ජිවන තත්වයන් උසස් කිරිම, වැනි විවිධ අංශ ඔස්සේ සමාජ, ආර්ථික, ආචාර ධර්ම, පද්ධති තුළ දිර්ග කාලින යහපත් වෙනස්කම් සිදු කිරිම වැනි කටයුතු මෙම ක්ලින් ශ්‍රි ලංකා වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බවත්ය.
මෙම අවස්ථාව සදහා නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර, අතිරේක ලේකම් ඉඩම් ශාලිකා ලිදකුඹුර, යන මහත්මින් ඇතුළු විවිධ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරින් පිරිසක් එක්ව සිටින ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්