විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම අද (17) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. අබේරත්නගේ ප්‍රධානත්වයෙන්.
රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව අංශ 5ක් යටතේ මෙම ඒකාබද්ධිත පද්ධතීන් දියත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ විශ්‍රාමික මරණ වාර්තා කිරිමේ තොරතුරු පද්ධතිය, වැඩිදියුණු කරන ලද දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය, විශ්‍රාමිකයන් සඳහා දුම්රිය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය ඊට ඇතුළත් බවයි.