මෙම වසරේ මුල් මාස 06 තුළ සියලුම කාණ්ඩ සඳහා විදුලිබිල 20% අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළා.
එම අඩු කිරීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ .
එමෙන්ම ගෘහස්ථ අංශයේ පවතින කාණ්ඩයන් සඳහා ද මෙලෙස ගාස්තු අඩුවෙනු ඇති.
ඒ අනුව , ගෘහස්ථ අංශය සඳහා ඒකක 0 – 30 දක්වා – 29%ක්ද,
31 – 60 දක්වා – 28% කින්ද,
61 – 90 දක්වා – 19% කින්ද
91 – 180 දක්වා – 18% කින්ද,
180 සිට ඉහළට – 19% කින්ද
D – TOU කාණ්ඩය – 31% කින්ද ගාස්‍තු සංශෝධනය කෙරෙනු ඇති.
එමෙන්ම,
පොදු කාර්‍ය අංශය – 12%කින්ද,
රාජ්‍ය ආයතන – 11% කින්ද,
හෝටල් අංශය – 31%කින්ද,
කර්මාන්ත අංශය – 30%කින්ද,
ආගමික හා පුණ්‍යායතන සඳහා – 21%කින්ද,
වීථි ලාම්පු සඳහා – 11%කින්ද ගාස්‍තු සංශෝධනය වනු ඇති.
තවද 0-30ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වා ඇති.
31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6ක් දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
විදුලිබිල අඩුකිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම මහජන අදහස් ලබාගැනීම සිදු වුණා.
අනතුරුව එහි වාර්තාව භාරදීමෙන් පසුවයි විදුලිබිල අඩුකිරීම පිළිබද තීරණයට එළඹ තිබෙන්නේ.