මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවල සුනඛයන්ට මේ වන විට වෛරස් රෝගයක් පැතිර යමින් පවතින බව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන පශු වෛද්‍ය අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නන්දකුමාර් මහතා පවසන ලද්දේ මෙම වෛරස් රෝගය ඩිස්නෙම්පර් යනුවෙන් හදුන්වන ස්නායු ආබාද රෝගයක් බවත් හුස්ම ගැනිමේ අපහසුතාවය, වෙව්ලිම,ඇස්වලින් කබ ගැලිම මෙහි රෝග ලක්ෂණ බවත්ය.

මෙම රෝග ලක්ෂණ තම නිවසේ ඇති කරන සුනඛයන්ට පවති නම් කඩිනමින් එම සුනඛයන් පශු වෛද්‍යවරයකු වෙත රැටගෙන යාමට පියවර ගත යුතු බවත් මෙම රෝගය සුනඛයන්ට උත්සන්න විමෙන් එම සුනඛයන් මිය යාමට හැකි බවද නන්දකුමාර් මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories