මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත පවතින මීදුම් තත්වයන් මත හැටන් ආශ්රිත ප්‍රදේශයන්වල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක් හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම දිනවල මෙම ප්‍රදේශයන්ට විටින් විට මද වැසි සමග දැඩි මිදුම් තත්වයන් පවතින බවත් එම තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බවත්ය.
වීශේෂයෙන් හැටන් කොළඹ මාර්ගයේ කැරලයිනා, වටවල, දියගල, කඩවල, ගිනිගත්හේන, ප්රදේශවලද හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල, පතන දිඹුල, ලිදුල, රදැල්ල, නානුඔය, යන ප්‍රදේශවල මෙන්ම හැටන් බගවන්තලාව, හැටන් මස්කෙළිය යන මාර්ගවලද තැන තැන විටින් විට මාර්ගය නොපෙනි යන අකාරයෙන් ඝණ මීදුම් තත්වයන් පවතින බවද එම නිලධාරියා පැවසිය.
එමෙන්ම පවතින මද වැසි හේතුවෙන් මෙහි මාර්ග ලිස්සන සුලු තත්වයන්ටද පත්ව ඇති බවත් මෙසේ මාර්ග ලිස්සන සුලු තත්වයේ හා මීදුම් හේතුවෙන් මාර්ග නිසි ලෙස නොපෙනි යාම හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානම් තත්වයන් වැඩි වශයෙන් පවතින බැවින් මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතාමත් කල්පනාකාරි තම රථ වාහන ධාවනය කරවිමට පියවර ගන්නා ලෙස සියදුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්