sinha-kodiya

77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත් ලෙස සැමරීමට මේ වනවිට සියල්ල සුදානම් කර තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙවර නිදහස් දින සැමරුමේ තේමාව, ජාතික පුනරුදයට පෙළගැසෙමු යන්නයි.

මෙවර නිදහස් දින සැමරුම් උත්සවය නැරඹීමට සාමාන්‍ය ජනතාවට වැඩි අවස්ථාවක් ලබාදීම විශේෂත්වයකි.

නිදහස් දින සැමරුම හේතුවෙන් නිදහස් මාවතේ හා නිදහස් චතුරශ්‍රය අවට විශේෂ අද(04) ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනගුංග මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ඊට අනියුක්ත කර ඇති බවයි.

කොළඹ මාර්ග කිහිපයක් ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.

මෙවර නිදහස් සැමරුම් උත්සවය පෙළපාලියට යුද හමුදා සහ විවිධ සංස්කෘතික අංග රැසක් ද ඇතුළත්ය.

නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, ගාලු මුවදොර ඉදිරිපිට මුහුදු තීරයේදී අද දහවල් සිදු කෙරේ.

නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට අද දහවල් 12.00 ට එම කටයුතු සූදානම් කර ඇති බවයි.

More Stories