ජනවාරි මාසය තුලදි විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි පුද්ගලයන් සියයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ප්‍රදිප් වීරසේකර මහතා මතින් තොර ශ්‍රිපාද වන්දනාවක් යන තේමාව යටතේ විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන පිරිස් අත් අඩංගුවට ගැනිම සදහා මේ වන විට විවිධ පරික්ෂාවන් සිදු කරන බවත්ය.
ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට දුම්රියෙන් බස් රථවලින් මෙන්ම පුද්ගලික රථවලින්ද ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන පිරිස් පරික්ෂාවන්ට ලක් කිරිම සදහා හැටන් කොට්ඨාශයේ පොලිස් ස්ථානවල නිලධාරින් ක්‍රියා කරන බවත් එම පරික්ෂාවන්වලදි පසු ගිය ජනවාරි මාසය තුලදි පමනක් විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි එකසිය හය දෙනකු(106) අත් අඩංගුවට ගෙන ඇති බවත්ය.
මෙසේ අත් අඩංගුවට ගන්නා ලද පිරිස් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දඩ මුදල් ගෙවා ඇති බවත් විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන පිරිස් අත් අඩංගුවට ගැනිම සදහා කරනු ලබන පරික්ෂාවන් ඉදිරියටත් කර ගෙන යාමට පියවර ගන්නා ලෙස මෙම කොට්ඨාශයේ සියළුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදි ඇති බවද ප්‍රදිප් වීරසේකර මහතා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්