පොලිස් අණ නොතකා ධාවනය වු ජිප් රථයකට අද (14) උදෑසන 6.20 ට පමණ කිලිනොච්චිය පොලිසිය විසින් වෙඩි තබා තිබේ.
කිලිනොච්චිය, අරවියල් නගර් ප්රදේශයේ සිට ජිප් රථයකින් ගංජා තොගයක් ප්රවාහනය කරන බවට කිලිනොච්චිය කොට්ඨාශ දූෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත ඔවුන් පිටත්ව ගොස් තිබේ.
මෙහිදි සැක සහිත ජිප් රියක් පැමිණෙන දුටු පොලිස් නිලධාරින් එම රථය නැවැත්වීමට සංඥා කළද එය නොනවත්වා ධාවනය කිරිමට උත්සහ දැරීම නිසා පොලිස් නිලධාරින් වෙඩි තබා ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
වෙඩි වැදිමෙන් ජිප් රථයේ සිටි අයෙකු සුලු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබේ.
මෙම රථයේ ගමන් කර ඇත්තේ කැබිතිගොල්ලෑව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් බවත් වෙඩි වැදී ඇත්තේ ඔවුන්ට තොරතුරු සපයන්නෙකුට බවත් පසුව අනාරණය වි තිබේ.
කිලිනොච්චිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
-ශානි පොල්ගම්පල-