පාසල් සිසුන් තුන් සියයට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ට පමනක් පාසල් පොත් උපකරන ලබා සදහා රුපියල් හයදාහාසක් ලබා දිමට මේ රජය චක්‍ර ලේකනයක් ඉදිරිපත් කිරිම හේතුවෙන් වතුකරයේ පාසල් දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව හැටන් දික්ඔය හිටපු නගර සභාපති අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි.
ඔහුගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ පැවසු අතර එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
පාසල් දරුවන් සදහා පොත් සපත්තු ඇතුළු පාසල් උපකරන ලබා ගැනිම සදහා රුපියල් හය දහාසක් ලබා දිමට මේ රජය පියවර ගෙන තිබෙනවා එය හොද දෙයක් එම මුදල් මේ වන විට අස්වැසුම තිබෙන පවුල්වල පාසල්වල දරුවන්ට ලැබිලත් තියෙනවා.
එහෙත් 2025 ජනවාරි මාසයේදි රජය චක්‍ර ලේකනයක් මගින් දැනුම්දි තිබෙනවා මෙම රුපියල් හය දහාස ලබා දෙන්නේ ලමුන් තුන් සියයට අඩු පාසල්වල දරුවන්ට පමනක් කියලා ඒ අනුව එම චක්‍ර ලේකනය මත වතුකරයේ පාසල්වල දරුවන් විශාල පිරිසකට එම මුදල් ලැබෙන්නේ නැහැ.
මොකද වතුකර ගත් විට ලමුන් තුන් සියයට වැඩි පාසල් තමයි විශාල ප්‍රමානයක් පවතින්නේ එම නිසා මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර මේ රටේ සියළුම පාසල් දරුවන්ට එම මුදල ලබා දිමට පියවර ගන්නේ නම් එය පාසල් දරුවන්ට කරනු ලබන විශාල සහනයක් බවද නන්දකුමාර් මහතා වැඩි දුරටත් පැවසිය.