හැටන් ආරියගම ප්‍රදේශයේ මාර්ග අයිනේ කසල ගොඩ ගැසිමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ මෙම ප්‍රදේශයේ මාර්ග අයිනේ කසල ගොඩ ගැසිම් සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙසේ ගොඩ ගසනු ලබන කසල හැටන් දික්ඔය නගර සභාවේ සේවක පිරිස් විසින් නිසි ලෙස රැගෙන නොයාම හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුල දැඩි දුගදක් හමන බවත් මෙකි කසල හේතුවෙන් මැසි මදුරු උවදුරද ඉහල යාමත් සමග තම සෞඛ්‍යටද විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලද්දේ මේ පිලිබදව අවදානය යොමු කර මෙම කසල ඉවත් කිරිමට පියවර ගන්නා බවත්ය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්