A cyber attack on Shreya Ghoshal's X account

ඉන්දියාවේ ජනප්‍රිය පසුබිම් ගායිකාවක් වන ශ්‍රෙයා ගෝෂාල් ගේ X ගිණුමට සයිබර් ප්‍රහාරයක් සිදු වී ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබේ.

ශ්‍රෙයා ගෝෂාල් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් සිය රසිකයන්ට මේ බව දැනුම් දී ඇත.
ඇය පවසා ඇත්තේ , සිය X ගිණුම පසුගිය පෙබරවාරි මස 13 වන දින සිට හැක් කර ඇති බවයි.

එය නැවත් සිය පාලනය යටතට ගැනීමට උත්සහ කළ ද එය ව්‍යාර්ථ වූ බව ඇය පවසා තිබේ.එබැවින් ඇය සිය රසිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ X ගිණුමෙන් පළ කරන කිසිදු පොස්ටුවකට, සටහණකට, පණිවුඩයකට හෝ දැනුම්දීමකට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ලෙසටය.

එමෙන්ම ඇය වැඩිදුරටත් සිය රසිකයින්ට පවසා ඇත්තේ සිය X ගිණුම යථා තත්ත්වය පත් වූ විගස වීඩියෝවක් හරහා ඒ බව දැනුම් දෙන ලෙසටය.

More Stories