ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පවත්වන ජාතික මලල ක්රිඩා තරගාවලිය සදහා නුවරඑළිය දිස්ත්රික්කයේ සුදුසු පිරිස් තෝරා ගැනිමේ නුවරඑළිය දිස්ත්රික් තරග නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්රධානත්වයෙන් නුවරඑළිය මහ නගර සභා ක්රිඩා පිටියේදි පවත්වන ලදි.
සමාජ සේවා දෙපාර්ථමේන්තුව මගින් සංවිධානය කරන ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පවත්වන ජාතික මලල ක්රිඩා තරගාවලියට සමගාමිව දිස්ත්රික් මට්ටමින් තරග මෙසේ පැවැත්විනි.
නුවරඑළිය දිස්ත්රික්කයට අයත් ප්රාදේශීය ලේකම් බල ප්රදේශ හත නියෝජනය කරමින් විවිධ කාණ්ඩ යටතේ තරගකරුවන් මෙම තරගාවලියට සහභාගිවු අතර මිටර් 100, 200, 400, යගුලිය දැමිම, හෙල්ල විසි කිරීම, දුරපැනිම, ඇතුළු ජවන හා පිටිය ක්රිඩා ඉසව් රාශියක් මෙම තරගාවලියට එක් කර තිබුනි.
මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) ශාලිකා ලිදකුඹුර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටින ලදි.