නුවරඑළිය නානුඔය පාම්ස්ටන් වතුයාය තුළ මිය ගිය කඳුකර කොටියකුගේ මළ සිරුරක් හමුව ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ, 2023 වර්ෂයට පසුව නුවරඑළිය වනජීවී අඩවියෙන් හමුවූ පළමු කොටි මරණය මෙය බවත්ය.
මෙසේ මිය ගොස් ඇති කඳුකර කොටියා වයස අවුරුදු 1ත් 2ත් අතර ගැහැණු සත්වයකු බවත්, තවත් සතකු සමග ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම කඳුකර කොටියා මිය යන්නට ඇතැයි සැක කරන බවත්ය.
මෙම කඳුකර කොටියාගේ මරණය පිළිබඳව තම කාර්යාලය මගින් විමර්ෂණයක් කර, ඒ පිළිබඳව නුවරඑළිය අධිකරණයටද කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, මරණ පරීක්ෂණ සඳහා එම කඳුකර කොටි මළ සිරුර රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන යාමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.