හැටන් ෂැනන් වතුයායේ හටගත් ගින්නකින් එම වතුයායේ වතු නිවාස (ලයින් කාමර) 20ක් විනාශයට පත්වී සියයක පිරිසක් අවතැන්ව ඇත.
03වන දින රාත්‍රියේ හැටන් ෂැනන් වතුයායේ කේ. එම්. කොටසේ හටගත් ගින්නකින් මෙම ලයින් කාමර 20 මුලුමනින්ම විනාශයට පත්ව ඇති අතර, එම නිවාසවල පදිංචිව සිටි පවුල් 26ක සමාජිකයන් සිය දෙනකු මෙසේ අවතැන්ව ඇත.
එසේ අවතැන්වූ පිරිස් මේ වන විට හැටන් ෂැනන් ද්‍රවිඩ විදුහලේ තාවකාලිකව රඳවා තබා ගැනීමට පියවර ගෙන ඇති අතර, එම පිරිසට අවශ්‍ය සහන සැලසීමට එම වතුයායේ බලධාරීන් පියවර ගෙන ඇත.
මේ පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වූ හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ, මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, මෙම ගින්න පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවන බවත්ය.