(Read in English) වර්තමානයේ සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කරන ඩිජිටල් මාධ්‍යයන් කෙතරම් දියුණු මට්ටමක පැවතියද, ලොව පැරණිතම සන්නිවේදන මාධ්‍යයක් වන තැපැල් සේවය හරහා ද සිය සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමට ලෝක ප්‍රජාව යොමු වී තිබේ. වර්ෂ 1798 දී ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල මුල්ම තැපැල් කාර්යාල පහක් ආරම්භ කිරීම, 1799දී මුල්වරට තැපැල් රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම සහ තැපැල් ගාස්තු නියම කිරීම යනාදියත් සමග ශ්‍රී ලංකා තැපෑල ආරම්භ විණි.
පසුකාලීනව තැපැල් බෙදීම සඳහා වාහන භාවිතා කිරීම ඉතාමත් සුලභ දසුනක් වුවද ඈත අතීතයේදී තැපැල් බෙදීම කරන ලද්දේ පයින් ගමන් කරමින්ය. ඉන් අනතුරුව බයිසිකලය හඳුන්වා දෙන ලදී. අද වුවද තැපැල් නිලධාරීන් කඳුකර ප්‍රදේශවල සහ දුෂ්කර ප්‍රදේශවලට පයින් ගොස් ලිපි බෙදීම දුර්ලභ දසුනක් නොවේ. තැපැල් නිලධාරින්ගේ බෙදීම් කලාප කුඩාවීමත් සමගම යතුරුපැදි වෙනුවට පාපැදි භාවිතයට ආ අතර වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාව වෙත ලියුම් බෙදීම සඳහා යතුරුපැදි ද භාවිතා කෙරේ.
මේ වනවිට තැපැල් බෙදීම සඳහා නිලධාරීන් 7,400ක් පමණ ශ්‍රී ලංකාවේ රාජකාරී කරනු ලබයි. පියුන් මහත්වරුන් ලෙස සමාජ ව්‍යවහාරයේදී හැඳින්වෙන, සම්ප්‍රදායිකව පිරිමින්ගේ කාර්යයක් ලෙස සැලකෙන මෙම තනතුර සඳහා ප්‍රථම වරට දිරිය කාන්තාවක් සම්බන්ධ වී තිබේ. ඇය නමින් “සුනාලි රුවන්ගිකා නුගවෙල” ය.
මේ වනවිට ඇය වේයන්ගොඩ ප්‍රධාන තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටී. වේයන්ගොඩ ශාන්ත මරියා ජාතික පාසලෙන් උසස් අධ්‍යාපනය හදාරා ඉන් පසු පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක ද සේවය කළ ඇය වර්ෂ 2020දී ගැසට් කරන ලද “ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි බෙදීමේ ආදේශක තනතුර ” සඳහා පැවැත්වුණු තරඟ විභාගයට පෙනී සිට ඉන් ඉහළ ලකුණු ලබා වර්ෂ 2021 පෙබරවාරි මාසයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ රුක්ගහවිල උප තැපැල් කාර්යාලයට අනියුක්තව සිය ප්‍රථම පත්වීම ලබා ගත්තාය. ශ්‍රී ලංකා තැපැල් සේවයේ ලියුම් බෙදීමේ නිරතවන පළමු කාන්තාව ලෙස එසේ ඇය ඉතිහාසයට එක්වූවාය.
මෙවැනි රැකියාවකට යාම සඳහා සිය දෙමව්පියන්ගෙන් මෙන්ම තම ස්වාමිපුරුෂයා වන ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියුතු තරිඳු මධුසංඛ නයිනානායකගෙන්ද කැමැත්ත ලැබීම ඇයට විශාල දිරියක් වුණි. රැකියාව ලැබෙන විටත් මාස අටක දියණියකගේ මවක් වූ ඇයට තම දියණිය රැක බලාගැනීම සඳහා .ඇගේ මවගේ සහාය ලැබිණි.
මීට පෙර නොහඳුනන ප්‍රදේශයක් වූ රුක්ගහවිල වැනි ප්‍රදේශයකට පැමිණ සිය රාජකාරිය කිරීම ආරම්භයේදී තරමක අභියෝගාත්මක කටයුත්තක් වුවද ඇය එම අභියෝගය ජය ගනිමින් සිය වෘත්තිමය වගකීම මැනැවින් ඉටු කරන්නීය.
පළමු ආදේශක පත්වීම ලැබුණු රුක්ගහවිල උප තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිතුමිය ඇතුළු අනෙකුත් සේවකයන්ගෙන් ඒ සඳහා සුනාලිට ලැබුණු සහාය අතිමහත්ය.
ලියුම් බෙදීමට තිබෙන ප්‍රදේශය විශාල එකක් වූ බැවින් ඒ සඳහා පා පැදිය යොදා ගැනීම වෙනුවට මෝටර් බයිසිකලය යොදා ගැනීම ඇයගේ රාජකාරිය පහසුවෙන් සහ ඉක්මනින් ඉටු කරලීමට සමත් විය.
රුක්ගහවිල උප තැපැල් කාර්යාලයේ සේවය කිරීමෙන් අනතුරුව සුනාලි රුවන්ගිකා සිය ස්ථිර පත්වීම ලැබ වේයන්ගොඩ තැපැල් කාර්යාලයේ සේවයට පැමිණියාය. වේයන්ගොඩ තැපැල් කාර්යාලයට පාන්දර 06.00 වනවිට සේවය සඳහා පැමිණෙන ඇය එහි තැපැල් සහායක තනතුරේ සේවය කරන අතරම ලියුම් බෙදීම ද සිදු කරනු ලබයි.
“වැස්ස දවස්වලට තමයි ලියුම් බෙදන්න අමාරු වෙන්නෙ මොකද ලියුම් බේර ගන්නත් ඕනනේ.” වර්ෂාව සහිත දිනයන් ඇයට බාධා සිදුකරන ආකාරය ගැන
හඬ අවධි කරමින් සුනාලි අදහස් දැක්වීය.
“දැන් ලෝකයේ පිරිමින්ට වෙන්වුණු රැකියා ගැහැණුන්ට වෙන් වුණු රැකියා කියලා නැහැ. පිරිමි කරන රැකියා ගැහැණුත් කරනවා. මම මේ රැකියාවට එනවිට තවත් කාන්තාවක් මේ රැකියාවේ සිටියේ නැහැ. මම ඊට පළමු පියවර තියලා තිබෙනවා. අද ගොඩක් තරුණ ගැහැණු ළමයි ගැළපෙන රැකියා හොයා හොයා ගෙදරට වෙලා ඉන්නවා. එහෙම ළමයින්ට මම කියන්නේ ඕනෑම රැකියාවකට ඇතුළත් වෙලා කරලා බලන්න කියලායි,” යනුවෙන් සුනාලි රුවන්ගිකා සඳහන් කළාය.
ලංකාදීප පුවත්පතට එම්. තාරික් විසින් ලියන ලද ලිපියක් ඇසුරින් සකසන ලදී. ඡායාරූපය ධරණී පුවත්පතෙනි.
- SrimalDC