ගත වූ පැය 24 තුළ දකුණු කොරියාවෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 594 දෙනෙකු වාර්තා වනවා.
දකුණු කොරියාව තුළ මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2931 ක් වන අතර මරණ 16ක් ද එරටින් වාර්තා වනවා.
චීනයෙන් පිටත වැඩිම කොවිඩ් නයින්ටීන් වෛරස් ආසාදිතයන් පිරිසක් සිටින්නේ ද දකුණු කොරියාවේයි.
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය තම රට තුළ පැතිරීම වැළැක්වීමට නොහැකි වුවහොත් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවට උතුරු කොරියානු නායක කිම් ජොං අන් සිය පක්ෂයේ ප්‍රධානීන්ට අනතුරු අගවා තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් පුද්ගලයින් 2920 දෙනෙකු මිය ගොස් ඇති අතර, ආසාදිත සංඛ්‍යාව 85,180ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.