Similar Posts
කාන්තාවන්ට තනිව දුරගමන් තහනමක්
ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තනිවම දුර ගමන් හෝ සංචාරය කිරීම තලෙබාන් සංවිධානය විසින් තහනම් කර ඇතැයි බීබීසී පුවත් සේවාය වාර්තා කරයි. ඔවුන් එලෙස දුර සංචාරය කරන්නේ නම් අනිවාර්යයෙන්ම පිරිමි ඥාතියෙක් සමග යා යුතු වේ. බොහෝ කාන්තාවන්ට රැකියා කිරීම තහනම් කර තිබේ. එපමණක් නොව ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ද දැඩි සීමාවන් තලෙබාන් සංවිධානය විසින් පනවා ඇත.
‘අයිස් බකට්’ පැට්රික් ක්වින් මියයයි
විවිධ අවශ්‍යතාවයන් සඳහා අරමුදල් රැස්කිරීමට යොදාගන්නා “අයිස් බකට් චැලෙන්ජ්” ලොවට හඳුන්වා දුන් කිහිපදෙනාගෙන් කෙනෙක් වන පැට්රික් ක්වින් මියගොස් තිබේ. ඔහු මියයන විට 37 හැවිරිදි වියේ පසුවිය. නිව් යෝර්ක් වැසියෙක් වන ක්වින් 2013 සිට සුව කළ නොහැකි ස්නායු රෝගයකින් පෙළෙමින් සිටි බව සඳහන් වේ. “අයිස් බකට් චැලෙන්ජ්” ඔස්සේ ALS පර්යේෂණ සඳහා ඩොලර් මිලියන 220ක් රැස් කිරීමට…
අමෙරිකාවේ ප්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක්
කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් අමෙරිකාවේ ප්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි. අමෙරිකාවේ ප්‍රාන්ත 35 කට වඩා නව කොරෝනා වෛරසය පැතිර ඇති අතර වොෂින්ටන් නගරය දැනටමත් පවතින්නේ මෙම හදිසි තත්ත්වයට යටත්වයි. අමෙරිකානු ජනාධිපතිවරයා එරට වැසියන්ට එක්සත් රාජධානිය හැර සියලු යුරෝපා රටවල් සඳහා දින 30ක සංචාරක තහනමක් ද පනවා ඇත.
සතුන්ට වෙඩි තැබීම පහසු කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කිරීමට යයි
ජපානයේ සිදුවන වලස් ප්‍රහාර සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නිසා නේවාසික ප්‍රදේශවල සිටින එම සතුන්ට වෙඩි තැබීම පහසු කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කළ යුතු බවයි ජපානය පවසයි. නමුත් දඩයම්කරුවන් එය අවදානම් වැඩි පියවරක් බව සඳහන් කර තිබේ. මේ වසරේ අප්‍රේල් දක්වා පසුගිය වසර තුළ ජපානයේ වාර්තාගත වලස් ප්‍රහාර 219ක් වාර්තා වී ඇති බව සඳහන්. දැනට…