කොරෝනා වෛරසය වැලදී ඒ සම්බන්ධයෙන් කරුණු වසන් කළ රෝගියෙක්ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා.
ඊයේ දිනයේදී වාර්තා වූ මෙම කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.
සිය මිතුරාගෙන් ලද දුරකථන ඇමතුමෙන් පසු එම පුද්ගලයාද කොළඹ පෞද්ගලික රෝහලකට ගොස් PCR පරීක්ෂණය සිදු කොට ඇත. එහිදී එම පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා වෛරසය ඇතිව තිබෙන බවට තහවුරු වී ඇත. තමන්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහු රජයේ රෝහලකට ඇතුලත් නොවී නිවසටවී සිට ඇති බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.
මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව සදහන් වෙයි.