Similar Posts
යාපනයේ ගැටුමක්
යාපනය පේදුරුතුඩුව අල්වායි උතුර ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයකු මිය ගොස් තවත් පස් දෙදෙකු තුවාල ලබා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි. බහින්බස්වීම දුරදීග ගොස් පහරදීමක් දක්වා වර්ධනය වී ඇති අතර පසුව දෙපිරිසම තියුණු ආයුධවලින් පහරදීගෙන ඇති බවත් එහිදී පිහි ඇනුමකින් බරපතල තත්ත්වයේ සිටි අයකු රෝහල්ගත කිරීමේ පසුව මිය ගොස් ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඩොලර් මිලියන 101.5ක්
මානුෂීය ආධාර ඉල්ලීම හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 101.5 ක් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගෙන් මිලියන 3.4 ක් සඳහා මෙම අරමුදල් ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. “අද ලංකාව විශේෂ සන්ධිස්ථානයක් අත්පත් කරගෙන ඇති බව සතුටින් ප්‍රකාශ කරනවා. UN HNP අභියාචනය ඩොලර් මිලියන 101.5 දක්වා…
මහ බැංකුවෙන් නිවේදනයක්
හෙට (12) රුපියල් මිලියන එක්ලක්ෂ හැටදහසක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් සිදු කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කරයි. මෙහිදී කාණ්ඩ දෙකක් යටතේ බැදුම්කර නිකුත් කරයි.රුපියල් මිලියන 50,000 බැඳුම්කර 2026 වසරේ මැයි 15 වැනිදා කල් පිරෙන පරිදි නිකුත් කිරිමට නියමිත අතර ඉතිරි රුපියල් මිලියන එක්ලක්ෂ දස දහසක් වටිනා බැඳුම්කර කල් පිරෙන්නේ 2027 වසරේ සැප්තැම්බර් 15 වැනිදා ය.
නුවරඑළිය දිස්ත්‍රික්කයට විදෙස් සේවා ප්‍රාදේශිය කාර්යාලයක් අවශ්‍යයි
නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා වීදෙස් සේවා නියුක්තිකයන්ගේ ප්‍රාදේශිය කාර්යාලයක් නොමැතිවිමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විදෙස් රැකියා සදහා පිටව යන බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බව ප්‍රිඩෝ ආයතනයේ විධායක අධ්යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. හැටන් සීඩා ආයතනයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු මයිකල් ජෝකිම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කය විශාල දිස්ත්‍රික්කයක් මෙහි වතු කම්කරුවන් ඇතුළු…
සාෆ් ගිය13කට ඩෙංගු
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුට උණ රෝගය වැලදී ඇති බවත්, ඉන් 13 දෙනෙකුට ඩෙංගු රෝගය වැලදී ඇති බවටත් ශ්‍රී ලංකා කණ්ඩායම් වෛද්‍යවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා පවසයි. මේ අතර පුහුණු කරැවන් දෙදෙනෙකුට ද උණ රෝගය වැලදී ඇති බව…