රටේ පවතින්නේ සුළු කොට තැකිය නොහැකි ජාතික ආපදා තත්වයක් බවත් දේශපාලන පක්ෂ නායකයින් සහ සෞඛ්‍ය ඇතුළු අනෙතුක් අදාළ සියළු පාර්ශව කැඳවා සාමුහික සැලැස්මක් සකස් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මේ අවස්ථාවේ අප ඉදිරියේ තියෙන විශාල අභියෝගය කොරෝනා වෛරසයට මුහුණ දීමයි. එය මැඬ පැවැත්වීම සඳහාත්, ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහාත් කටයුතු කිරීමයි.
මෙය ජාතික ආපදා තත්ත්වයක්. මෙහි බරපතළකම බොහෝ අයට තාමත් තේරුම් ගොස් නැති බව අපට පේනෙවා. එය කණගාටුවට කරුණක්. දැ මේ වසංගතය ශ්‍රී ලංකාවට බොවෙලා. ඉන් ගැලවීමක් නෑ. නමුත් අවම හානියක් සිදුවන ආකාරයට හෝ වසංගතය පාලනය කර ගැනීමට අපි එකට එක්ව කටයුතු කළ යුතුයි.
මේ සඳහා පොදු සැලැස්මක් සකස් කොට සාමුහිකව ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය පදනම ඇති කරන්න කියා මම පුසුගිය දා ආණ්ඩවෙන් ඉල්ලීමක් කළා. ඒ පිළිබදව දැඩි අවදානය යොමු කරන්න කියා මා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මේ වසංගත තත්ත්වය ගැව අවධාය යොමු කරන්න කියා මැතිරණ කොමිසමේ සභාපතිතුමාගෙන්ද මම ඉල්ලීමක් කළා. ඒ වගේම දේශපාන පක්ෂ සහ සමාජ ආයතන ප්‍රධානීන් කැඳවා හදිසි සාකච්ඡාවක් පවත්වන මෙන් කථානාකයකතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කර තියෙනවා.“