යාපනය ප්‍රදේශයේ දී පැවති ආගමික උත්සවයකට සහභාගිවූ විදේශීය පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට වාර්තා වෙයි.
එම පුජකයාගේ සහභාගිත්වයෙන් පසුගිය ඉරිදා යාපනය, අරියාලේ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගිවී ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සදහන් කරන්නේ.
මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර පසුව ඔහුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති අතර මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වෙයි.