කොරෝනා වසන්ගතය මුලු ලෝකයම තම ග්‍රහණයට ගෙන තිබේ. දැනට ලෝකයේ රටවල් 196ක පුරා මෙම වෛරසය පැතිර ඇති අතර ඉන් 471,044 මේ වන විට මෛ වෛරසයට ගොදුරැවී තිබේ. අද වන විට මෙම වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 21,284 දක්වා ඉහල ගොස් ඇත. ඒය 16% ක ප්රථිශතයකි. එමෙන්ම මෙම වෛරසයට ගොදුරැවන ප්‍රමාණය දිනෙන් දින වේගයෙන් ඉහල යන අතර ඊයේ දින පමණක් රෝගීන් හතලිස්දාහකට වැඩි ප්‍රමාණයක් මෙම වෛරසයට ගොදුරැව තිබේ.
මෙම තත්ත්වයට සාපේක්ෂව ලංකාව යම් සැනසිලි දායක තත්ත්වයක පසුවුවත්, ඒය රදා පවතින්නේ ඉදිරි දින කිහිපය තුළ අප පුරවැසියන් කොතරම් දුරට මෙම වෛරසයට ගොදුරැවීමෙන් වැලකී සිටීනවාද යන්න මත පමණි. ඒමෙන්ම, මෙම රෝගය තව දුරටත් අප රට තුළ උත්සන්න වුවහොත් ඒයට මුහුණ දීම සදහා අප සෞඛ්‍ය අංශයන්ට ඒ් සදහා කොතරම් හැකියාවක් හා ධාරිතාවයක් තිබේද යන්නත් මත පමණි.
අපට වඩා දියුණු සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වූ චීනය, ඉතාලිය, ස්පාඤ්ඤය හා වර්තමානයේ ඇමරිකා ඒක්සත් ජනපදයට පවා වර්තමානයේ මෙම තත්ත්වයට මුහුණ දීමට නොහැකි වී තිබෙන්නේ, විශාල රෝගීන් ප්‍රමාණයක් ඒකවර ඒම රෝහල් වෙත පැමිණීමත්, ඒම නිසා, ඒම රෝහල් ධාරිතාව ඉක්මවා යාමත් නිසාය.
දැනට ලංකාවේ හදිසි ප්‍රථිකාර සදහා සියලුම රෝහල්වල ඇත්තේ හදිසි ප්‍රථිකාර ඇදන් (ICU Beds) හත්සීයකට අඩු ප්‍රමාණයක් බව වාර්තා වේ. ලංකාවේ ජනග්‍රහණය අනුව ඒම ප්‍රමාණය 2000 ඉක්ම විය යුතුව ඇතත් වර්තමානයේ අපගේ ධාරිතාවය අවශ්‍යතාවයේ 1/3 ක් බවත් සදහන් වේ. මේ සියලු තත්ත්වයන් මත ලංකාව ධාරිතාව ඉක්මවා යන මට්ටමට මෙම රෝගය පැතිර ගියහොත්, අප ඉතාලියටත් වඩා දරැණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවන නොඅනුමානය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඉදිරි දින 10 ශ්‍රී ලංකාවට තීරණාත්මක කාලයක් වන බවයි. ඔවන් පවසන්නේ මෙම වෛරසය ආසාදිතයින් හදුනා ගැනීමට සාමාන්‍යයෙන් දින 11ත් දින 14ත් අතර කාලයක් ගතවන බවත්, ඉන් 2%කට අඩු ප්‍රමාණයක් පමණක් මෙම දින 14ට ප්‍රථම රෝග ලක්ෂන පෙන්නුම් කරන බවත්ය. ඒ් නිසා දැනට සමූහ වශයෙන් ජන රාශීන් සිදු වූ ස්ථාන 4ක් පිළිබදව අවධානය යොමු වී ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ දී අන් අයට මෙම වෛරසය වැළදී ඇත්ද යන්න සොයා ගත හැකි වනු බවත්ය. ඒ් අනුව දැනට නිරෝධායන ක්‍රියාවලියේ නිරත 23,000ක් පමණ වූ පිරිසකගේ තත්ත්වය ඉදිරි කාලයේදී දැනගැනීමට හැකි වන බව ඔවුන් පවසයි.
බුද්ධි අංශ පවසන්නේ පසුගිය මාර්තු 12 දා පැවති කොළඹ රෝයල් හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවති ක්‍රිකට් තරගයත්, පසුගිය මාර්තු 13 වනදා කොළඹ ජාමි-උල්-අල්ෆාර් ඉස්ලාම් දේවස්ථානයේ පැවැති යාඥා මෙහෙය, පසුගිය මාර්තු 15 වන දින යාපනයේ අරියාලෙයි හි ෆිලඩෙල්ෆියා දේවස්ථානයේ පැවැති දේව මෙහෙය හා පසුගිය මාර්තු 28 වන දින පැවැති කොළඹ රතු පල්ලියේ දේව මෙහෙය සදහා සහභාගී වූ අයගෙන් ඇතමෙකුට මෙම වෛරසය වැලදී ඇති බවට සොයා ගෙන ඇති නිසා ඉදිරි දින කිහිපය තුළදී අන් අයටත් මෙය වැලදී ඇත්ද යන්න සොයා ගැනීමට හැකි වන බවයි.
දැනට මෙම වෛසරයට ඒරෙහිව ප්‍රථිකාර ලබා දෙන ප්‍රධාන රෝහල වන්නේ අපගේ කොළඹ IDH රෝහලයි. අප වෙත ඊයේ වාර්තා වූයේ ඒම රෝහලේ උපරිම ධාරිතාවයට මේ වෙන විට ලංවෙමින් සිටින බවයි. කොරෝනා රෝගීන් 86 දෙනෙකු සමග රෝගීන් 200කට වැඩි පිරිසක් දැනටමත් ඒහි ප්රිථිකාර ලබමින් සිටී. ඒහි ICU ඒකකය ඇදන් 4ක වන අතර, දැනටමත් අසාධ්‍ය රෝගීන් හතර දෙනෙකු ප්‍රථිකාර ලබමින් සිටිනා බවත්, ඉන් රෝගීන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවත් වාර්තා වේ.