පොලිස් අත්අඩංගුවට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගැනුණේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මතයි.

වලංගු ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව එසේ පැමිණීම සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටියදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක එම ස්ථානයට පැමිණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැණ වැදී අදාළ පුද්ගලයා සිය නිල නිවාසය වෙත රැගෙන ගොස් ඇත.

පොලිස් නිලධාරීන් විසින් සිය රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මිරිහාන මුලස්ථාන පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Similar Posts