Similar Posts
කෙනත් කවුන්ඩා මිය යයි
සැම්බියාවේ ප්‍රථම ජනාධිපති වූ කෙනත් කවුන්ඩා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 97 හැවිරිදි වියේ පසුවිය. ලූසාකා අගනුවර හමුදා රෝහලට ඇතුළත් කර තබූ කවුන්ඩා නිව්මෝනියා රෝගයට ලක්වී ඇත. 1964 දී සැම්බියාවේ ප්‍රථම ජනපති ලෙස පත්වූ කවුන්ඩා 1991 දී දේශපාලනයෙන් ඉවත් විය. මේ අතර සැම්බියා රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කර ඇත.
කොරෝනා එන්නත් ලබාගත් කිහිපදෙනෙක්ට ආසාත්මිකතා
ෆයිසර් – බයෝන්ටෙක් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමෙන් පසු පුද්ගලයින් කිහිප දෙනෙකුට ආසාත්මිකතා ඇතිවීම සම්බන්ධයෙන් විමර්ශයන කරන බව අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනය පවසයි. අමෙරිකාව තුළ ෆයිසර් – බයෝන්ටෙක් එන්නත ලබා දීමෙන් පසු ආසාත්මිකතා ඇති වූ පුද්ගලයින් වාර්තා වූ බවයි. අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකින් ආසාත්මිකතා ඇති වූ සිද්ධීන් වාර්තා වන බව ද අමෙරිකානු ආහාර සහ ඖෂධ…
මීටරයක් දුරින් ඡන්ද පෝළීමේ ඉන්න
දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වූ අතර ඡන්දදායකයන් එකිනෙකා අතර මීටරයක් පරතරයක් තබාගනිමින් ඡන්ද පෝළීමේ සිටිය යුතු බවටයි බලධාරීන් දැනුම් දී තිබුනේ. ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්දදායකයන් සියලු දෙනාගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර ඇති අතර ඡන්දායකයින්ට සනීපාරක්ෂක අත්වැසුම්, විෂබීජනාශක දියර ආදියද ලබා දී තිබෙනවා.
බොරිස් ජොන්සන්ට අනතුරු ඇඟවීමක්
බ්‍රිතාන්‍යය යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලබා දීමට තීරණය කිරීමත් සමඟ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අමතමින් අනතුරු ඇඟවීමක් කර තිබේ. මහා බ්‍රිතාන්‍යය යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලබා දීමක් කළහොත් බ්‍රිතාන්‍යයේ හමුදා ඉලක්කවලට පහර දීමට පසුබට නොවන බව රුසියන් ජනාධිපතිවරයා අනතුරු අගවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.