rt-pcr

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකදී විශේෂ තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ විද්‍යාඥයින් සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ එම වෛරසයේ ප්‍රභේද හතරක් සංසරණය වෙමින් පවතින බවයි.

ශ්‍රී ලංකාවෙන් හමුවූ ආසාධිතයින්ගෙන් ලබා ගත් සාම්පල් යොදා ගෙන තිබෙන අතර ඕනෑම වෛරසයකට අදාළව එම වෛරසයක සම්පූර්ණ ජානමය අනුක්‍රමණය ශ්‍රී ලංකාවේ දී සිදු කළ පළමු අවස්ථාව මෙය බවද ඔවුන් සඳහන් කරනවා..

වෛරසයේ ප්‍රභේද කිහිපයක් ලොවපුරා සංසරණය වන බවත් ලංකාවේ පවතින 04 අධ්‍යයනය තුළින් ඉදිරියේදී එය වළක්වා ගැනීමට හා ආරක්ෂාවීමට වෙන වෙනම ක්‍රම අනුගමනය කරන්නට සිදුවනු ඇති බවද දක්වා තිබුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් ශ්‍රී ලංකාවේ සමස්ත ජානමය අනුක්‍රමණයන් පරික්ෂා කිරීම ආරම්භ කර ඇති අතර ඒ් ඔස්සේ වෛරසයේ ඉදිරි ව්‍යාප්තිය ගැන තවදුරටත් කරුනු අනාවරණය කරගතහැකි බව ඔවුන් පවසා තිබෙනවා.

Similar Posts