නව කොරෝනා ආසාධිත බවට ඊයේ (23) හදුනා ගත් සෙසු ආසාධිතයන් අතර සුපිරි වෙළද සැල් ජාලයක බේදාහැරීමේ සේවකයෙකු ද සිටින බව වාර්තා වෙයි.

ඔහු හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම් කර තිබෙන කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙකු බවද වාර්තා වුණා.

ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ පිරිස් නිරෝධායනයට යොමු කිරීමේ රාජකාරී කරන අවස්ථාවේදී නාවික සෙබලූන් 29 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුකත්ත මෙම නාවික සෙබලූන්ට නව කොරෝනා ආසාධනය වී ඇත්තේ් ජා – ඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ රාජකාරී කිරීමේදී බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඒ අනුව ඔවුන් සමග රාජකාරී කල සහ ඇසුරු කළ තවත් අය සම්බන්ධයෙන්ද PCR පරීක්ෂණ සිදු කිරීමට දැන් කටයුතු කෙරෙමින් තිබෙනවා.

Similar Posts