ලබන සඳුදා (27) වනදා සිට සුපුරුදු පරිදි නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය ප්‍රකාශ කරයි.

නීතිපති දෙපාර්තමේන්තුව යලි විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අවසර ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියි.

මිට සතියකට පමණ ඉහතදී කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලික ආරක්ෂක අංශයකට අනියුක්ත සේවිකාවක් හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමීමට පියවර ගනු ලැබුවා.

Similar Posts