පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කලණ සේනාරත්න කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) ව්‍යවස්ථාව ප්‍රකාර විසුරුවා හැරීමෙන් මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුව යළි රැස්විය යුතු බැවින්, මහ මැතිවරණය ජුනි 20 වෙනි දිනට කල් දමීමට මැතිවරණ කොමිසම ගත් තීරණය ව්‍යවස්ථාව සමඟ ගැටෙන්නක් (conflict with the Constitution) බවය.
කෙසේ වුවත් මැතිවරණ කොමිසමේ එම තීන්දු හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අවලංගු වන බවට මතුකෙරෙන තර්කය ද පිළිගත නොහැකි බව ආචාර්ය කලණ සේනාරත්නගේ අදහසය. එම තර්කය පිළිගන්නේ නම්, ජනාධිපති නියෝගයක් අවලංගු කිරීමට මැතිවරණ කොමිසමට බලය තිබෙන්නේය යන්න එමගින් ඉඟි කෙරෙන බව පෙන්වාදෙන ඔහු පවසන්නේ එබැවින් මැතිවරණ කොමිසමේ තීන්දුව ව්‍යවස්ථා විරෝධී බවට තර්ක කිරීම වඩා යහපත් බවය.
එබැවින් ඔහු පවසන පරිදි මෙය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විසඳාගත යුතු ප්රශ්නයකි.
“කෙසේ වුවත්, මැතිවරණ කොමිසමට එවැනි ව්‍යවස්ථා විරෝධී තීන්දුවක් ගැනීමට හේතු වූ එක් කරුණක් වූයේ ව්‍යවස්ථාවේ 70 (7) ව්‍යවස්ථාව ප්‍රකාර පාර්ලිමේන්තුව යළි කැඳවීමට ජනාධිපතිවරයාගේ ඇති නොකැමැත්ත බවද පෙන්වා දිය යුතුය,” යනුවෙන් ද ආචාර්ය කලණ සේනාරත්න පැවසීය.