බස්නාහිර පළාතේද නව කොරෝනා ව්‍යසනය පාළනයකට යටත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
කෙසේ වෙතත් සුපරික්ෂාව තවදුරටත් අත්‍යාවශ්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ.
අවධානම් කණ්ඩායම් තෝරා ගෙන තවදුරටත් පී සිී ආර් පරීක්ෂණ සිදු කෙරෙනවා.
දෛනිකව සිදු කරන පී සී ආර් පරීක්ෂණ ගණන 1,500කට ආසන්නයි.
යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු තවදුරටත් පවත්වාගෙන යායුතු බවද වෛද්‍ය චන්න ජයසුමන කියා සිටියා.