රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ එකක්, මත් කරල් 250 ක් සමග මතුගම වැලිපැන්න ප්‍රදේශයේ දි පසුගිය( 01) දා අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා දින පහක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට මතුගම මහෙස්ත්‍රාත් ධම්මික උඩුව විදාන මහතා පසුගිය ( 02) දා පොලීසියට අවසර ලබාදුන්නේය .

මාසිකව රුපියල් ලක්ෂ 75 ක මුදලකට කුලියට ගත් නවින පන්නයේ මෝටර් රථයකින් හෙරොයින් ග්‍රෑම් 100 ක් ප්‍රවහනය කරමින් සිටියදි කළුතර කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් පසුගිය 30 දා රාත්‍රි මාර්ගයේ රැක සිට මෙම සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගනු ලැබිය.

අනතුරුව ප්‍රශ්න කිරීමෙිදී මාසිකව රුපියල් 7000 ක කුලි පදනමට ලබාගත් සැකකරුවන් රැඳි සිටි නිවසේ තිබි හෙරොයින් ග්‍රෑම් 900 ක් සමඟ මත් කරල් 250 ක් සොයාගන තිබෙි.

වයස අවුරුදු 21 ,28 සහ 29 වයස්වල පසු වන මෙම සැකකරුවන් සතුව තිබු රිවෝල්වරයක් ද අත් අඩංගුවට ගෙන ඇත.

කළුතර කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාගේ ට ලද තොරතුරක් අනුව මෙම මත් ජාවාරම වටලා සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර වැලිපැන්න පොලිසිය මෙි පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා ,කළුතර කොට්ඨාස බාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා ,සහකාර පොලිස් අධිකාරි ජයසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කළුතර කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතා, උප පොලිස් පරීක්ෂකවරුන් වන ඉන්දික මුණසිංහ , දයාසේන, පොලිස් සැරයන්වරුන් වන (27118) සමන්, (37109) රත්නායක , (44317) ගුණවර්ධන , සහ පොලිස් කොස්තාපල් රියදුරු (82998) අමල්ක ඇතුළු නිළධාරින් පිරිසක් මෙම වැටලිම සිදු කළ අතර වැලිපැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Similar Posts