paskupaharaya

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්පිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. මුන්දලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු මධ්‍යස්ථානයක් ද එම දෙපාර්තමේන්තු නිලධාරීන් සොයා ගත්තා.

පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සහරාන් හෂීම් ලවා රාජ්‍ය නොවන සංවිධානයක තරුණයින් පිරිසකට අන්තවාදී දේශන පැවැත්වීම හා අවිපුහුණුව ලබාදීමේ සිද්ධියකට රාජ්‍ය නොවන සංවිධානයක භාරකරුවෙකු  අත්අඩංගුවට ගැනුණා.

ඔහු කල්පිටිය 4 වන හරස් වීදියේ පදිංචිකරුවෙක්.

ඔහු පදිංචි ගොඩනැගිලි ඉදිකිරීමට පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු මූල්‍යාධාර ලබා දී ඇති බවට ද තොරතුරු හෙළිව ඇත.

Similar Posts