මැයි මාසයට අදාළව රුපියල් 5000 දීමනාව ගෙවීම ලබන 11 වැනි දා ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ලබන 15 වැනි දා දක්වා නිවෙස්වලට ගොස් එම දීමනාව ගෙවන ලෙස ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ යටතේ වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව, වකුගඩු රෝගීන් සඳහා දීමනාව, ගොවි විශ්‍රාම වැටුප සහ ධීවර විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලැබූ පුද්ගලයින්ට රුපියල් 5000 දීමනාව ලබාදීමට කටයුතු යොදා ඇත.