පුද්ගලික ආරවුලක් දුර දිග යෑමෙන් තියුණු ආයුධයකින් අත් ,පා සහ මුහුණ කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි .
පසුගියදා වැලිපැන්න, කොටගෙදර ප්‍රදේශයේ දි 42 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී කපා , කොටා, බරපතල තුවාල සිදුකර රෝහල් ගතකිරිමෙන් පසුගිය (18) දා අලුයම මරණයට පත්ව ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි.
මෙසේ මුහුණ , අත් ,පා තියුණු ආයුධවලින් කපා ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න පොලිස් වසමේ කොටගෙදර පදාංචි කේ, සුගත් ඩන්කන් (42) නැමත්තෙකු බව පොලීසිය කියයි .
කළුතර කොට්ඨාස බාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් අනුව වැලිපැන්න පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරයි .
සෝමරත්න මීගහතැන්න