ඒකලොස් වන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමිව යුද්ධ හමුදාවේ තවත් නිලධාරීන් 177 දෙනෙකුගේ නිල උසස් කර ඇත.
මෙය මෑතකාලීනව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එක්දිනක් තුල ලබාදෙන ලද විශාලතම උසස්වීම් අතරින් එක් අවස්ථාවක් බව හමුදා ලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව, බ්‍රිගේඩියර් නිලයේ සිටි සී.යු. මාරසිංහ ආර්.එස්.පී යු.එස්.පී, ටී.ජේ. කොඩිතුවක්කු ආර්.ඩබ්ලිව්.පී. ආර්.එස්.පී. එන්ඩියු, එච්.පී. රණසිංහ ආර්.ඩබ්ලිව්.පී. ආර්.එස්පී. එන්ඩියු, ඒ.පී.අයි. ප්‍රනාන්දු ආර්.ඩබ්ලිව්.පී. යු.එස්.පී, සී.ඩි. වීරසුරිය ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්පී. එන්ඩියු යන අය මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ කර්නල් නිලයේ සිටි එස්.එන්. සමරවික්‍රම, එච්.එම්.එන්.බි හේරත්, එන්.ජි.එස්. තිලකරත්න, කේ.එන්. පෙරේරා යන අය බ්‍රිගේඩියර් නිලයටත් උසස් කර ඇත.
තවද මේජර් නිලයේ සිටි 9 දෙනෙකු ලුතිනන් කර්නල් නිලය දක්වාත්, කපිතන් නිලයේ සිටි 69 දෙනෙකු මේජර් නිලය දක්වාත් දෙවන ලුතිනන් නිලයේ සිටි 60 දෙනෙකු ලුතිනන් නිලය දක්වාත් නිල උසස් කර ඇත.
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම උසස් විම් ලබා දි ඇත.
මීට පෙර දිනයේද රණවිරුවන් 14714 කුට උසස් වීම් ලබා දෙනු ලැබුණි.
ශානිකා