හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේ ලැගුම්හළක රැඳී සිටි 45 හැවිරිදි කාන්තාවකට කොවිඩ් බවට සැක කෙරෙන රෝග ලක්ෂණ පෙන්වීම නිසා රෝහල් ගතකර තිබෙනවා.

අලව්ව ප්‍රදේශයේ පදිංචිකාරියක්වන ඇය ආරක්ෂක අංශයේ යැයි සැකකෙරෙන පුද්ගලයකු සමඟ එම ලැගුම්හලේ සිට ඇති අතර අදාළ පුද්ගලයා සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙම කාන්තාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ වාර්තාව අද (22)  ලැබීමට නියමිත බවයි.

ලැගුම්හල් විවෘත කිරීම මේ වනවිටත් නීතියෙන් තහනම් බවත් මෙම ලැගුම්හලද අදාළ කාන්තාවට විවෘත කර දී ඇත්තේ නීතිවිරෝධිව බවත් ඔහු සදහන් කළා.

Similar Posts