එක්ස්පෝ 2020 ඩුබායි අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් දියත් කිරීම සිදු කෙරැණි.
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි ඉබ්රාහිම් අල් මුවල්ලා මහතාගේ හා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු වුණි.
මෙහිදි එක්ස්පෝ 2020 ඩුබායි හි නිල වෙබ් අඩවිය ද අන්තර්ජාලයට එක් කළේ ය “එක්ස්පෝ 2020 ඩුබායි” නරඹන්නන් මිලියන 25 කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනු ඇතැයි අපේක්ෂා කරන අතර ඉන් 70% ක් ජාත්‍යන්තර සංචාරකයින් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද රටවල් 200 කට අධික ප්‍රමාණයක් මාස 06 ක කාල සීමාවක් තුළ එක්ස්පෝ 2020 ඩුබායි” හි ප්‍රදර්ශනයෙහි රැදී සිටිනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා රජය 2019 ජුලි 08 වන දින “ඩුබායි එක්ස්පෝ 2020 කාර්යාංශය” සමඟ නිල සහභාගීත්ව ගිවිසුමට අත්සන් තබා ඇත.
එක්ස්පෝ 2020 ඩුබායි හි ශ්‍රී ලංකා මණ්ඩපය “Opportunity ” දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර “Island of Ingenuity” යන තේමාව යටතේ මණ්ඩපය සංවිධානය කෙරේ. මණ්ඩපය සැලසුම් කිරීම මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් “ජලය (Water)” යන තේමාව යටතේ සිදු කරන ලදී.
මෙම තේමාව, ශ්‍රී ලංකාව “ඕනෑම අභියෝගාත්මක සිදුවීමක් , අවස්ථාවක් ලෙස දැකීමට කැමති ජාතියක්” වශයෙන් විදහා දක්වනු ඇත.එක්ස්පෝ 2020 ඩුබායි හරහා සංචාරක ව්‍යාපාර වර්ධනය, නවෝත්පාදනය ව්‍යාපාරවල දියුණුව සහ ව්‍යාපාර සදහා උචිත රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිය ඉහළ නැංවීම මගින් 2025 ශ්‍රී ලංකා දැක්ම සාක්ෂාත් කර ගැනීම අපේක්ෂා කෙරේ.
මෙහි සන්නාම තානාපතිවරු ලෙස මහේල ජයවර්ධන මහතා සහ කුමාර් සංගක්කාර මහතා පත්කර තිබේ. ඒ අනුව ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැගීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ශක්තිය වෙළඳ නාමයක් ලෙස භාවිතා කළ හැකිය.
තවද ලෝක ප්‍රකට ශ්‍රී ලංකා සූපවේදියෙකු වන පීටර් කුරුවිට මහතා ශ්‍රී ලංකික කුළුබඩු සමඟ කැටි වූ ශ්‍රී ලාංකීය ආහාර පිසීමේ කලාව හඳුන්වා දීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරාධිත සූපවේදීයකු ලෙස “එක්ස්පෝ 2020” සදහා සහභාගි වනු ඇත..
මෙහි දී තෝරා ගනු ලැබූ නිෂ්පාදන කාණ්ඩ වන්නේ; ආයුර්වේද සහ ඒ ආශ්රිත නිෂ්පාදන, තේ, ඇඟලුම්, ශ්‍රී ලාංකික කුළුබඩු සහ ආශ්රිත නිෂ්පාදන, ආහාරපාන අත්කම් නිෂ්පාදන, ඇඟලුම්, ස්වර්ණාභරණ, තෑගි භාණ්ඩ, අත් යන්ත්‍ර නිෂ්පාදන, බතික් සහ බීරළු නිෂ්පාදන.
“එක්ස්පෝ 2020 ඩුබායි” වැඩසටහනට අදාළ තිරසාර බලපෑම “Global best practice programme” යටතේ ක්‍රියාත්මක කිරිඉමට අපේක්ෂිත ඉහළම ව්‍යාපෘති 25 යටතේ මුහුදු විද්‍යා (Seacology) විෂය පථයට අදාළව ”ශ්‍රී ලංකා කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය” තෝරා ගන්නා ලදී.