කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පසුගිය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අධිකරණයේ කැඳවීමට නොහැකි වූ නඩු කිහිපයක් අද යළි කැදවීමට නියමිතයි.
ඒ අනුව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය තුළ සෙනසුරාදා දිනයකදී පළමු වරට නඩු කැඳවීම අද සිදුකෙරෙනවා.
පසුගිය මාර්තු 23 වැනිදා සිට මැයි 06 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවීමට නොහැකි වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් , අභියාචන පෙත්සම් හා රිට් පෙත්සම් කිහිපයක් මෙලෙස කැඳවෙන බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා සඳහන් කලේ.