වසර 2328කට පෙර අනුබුදු මිහිදු මාහිමිපානන් මෙරටට වැඩමකිරිම සිහිපත් කෙරෙන පොසොන් පොහොය දිනයේදි පවතින තත්වයමත සමග මිහින්තලාව තරණය කිරිමට නොහැකි වුවත් ලංකාවාසි සෑම දෙනාම සිය නිවෙස්වල සිට අනුබුදු මිහිදු මාහිමිපානන්වහන්සේ බුදුරාජනන්වහන්සේ උදෙසා බෞද්ධ කොඩියක් නිවසේ ඔසවලා කෘතගුණ දක්වන ලෙස තමන්වහන්සේ ඉල්ලා සිටිනවා යැයි මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වලවාහැංගුණ වැවේ ධම්මරථන නාහිමිපානන් ඉල්ලා සිටියහ.
උන්වහන්සේ මිහින්තලය සාංචි විහාරස්ථානයේ පැවති පොසොන් පොහොය සූදානම සම්බන්ධයෙන් පැවත්වු සාකච්ඡාවකදි මෙම අනුශාෂනාව සිදුකලහ.එහිදි වැඩිදුරටත් අනුශාෂනාවක් කල නාහිමිපානන්.පොසොන් උත්සවය රටේ හැමදෙනාගෙම ඇගට කාවැදිලා තිබුණත් රටේ පවතින වසංගත තත්වයත් එක්ක මෙවර මිහින්තලාව තරණය කරන්න විදියක් නෑ.
ඒ වගේම රටේ වෙනත් කිසිම වෙහෙර විහාරස්ථානයක උත්සව පවත්වන්න් විදියක් නෑ.ඒ නිසා සෑම නිවසක වගේම රටේ සෑම විහාරස්ථානයකම බෞද්ධ කොඩි ඔසවලා විදුලි පහන් දල්වලා පහන් දල්වලා කෘතවේදි ජනතාවක් වශයෙන් මිහිදු මාහිමිපානන්ට සිය කෘතවේදිත්වය දක්වන්න කියලා ඉල්ලා සිටිනවා.
උන්වහන්සේ මෙරටට වැඩම කරලා වසර 2328ක් සපිරිම වෙනුවෙන් රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජමහා විහාරස්ථානය මුල්කර ගනිමින් රටපුරා වෙහෙර විහාරස්ථානවල පැවත්වෙනවා.හතරවනදා ගරු අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියෙන් අලෝක පූජාව විවෘත කරෙනවා.
පොසොන් පොහොය දිනයේ (5දා) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියෙන් හා ත්‍රෛයිනිකායික අතිගරු මහනායක මාහිමිපානන්වහන්සේලාගේ වැඩමවිමෙන් මිහිදුමාහිපානන්වහන්සේ උදෙසා සිදුරන පූජාවන් ධාතුන්වහන්සේලා වන්දනා කිරිම ආලෝක පූජාව පැල සිටුවිම මුද්දරයක් නිකුත් කිරිම සන්නස් පත්‍රය පිළිගැන්විම යන පුණ්‍යවන්ත කටයුතු රාශියක් ථෛතිහාසික මිහින්තලා රජමහා විහාරය මුල්කර ගෙන සිදුවෙනවා.
ඒ වගේම හයවෙනිදා දිනයේ ආලෝක පූජාව පැවත්වෙනවා.රාජ්‍ය ආයතන දෙපාර්තුමේන්තුව සංස්ථා මණ්ඩල හා දිස්ත්‍රික් ලේඛම්තුමා ප්රමුඛ සියළුම ආයතන එක්ව තුන්වන දිනය නැත්නම් හයවෙනිදා ආලෝක පූජාව පැවත්වෙනවා.ඒ වගේම ධර්ම සාකච්ඡාවන් ධාතු ප්රදර්ශනයනුත් පොහොය දිනයේ විහාරස්ථානයේ සිදුවනවා.
පවතින තත්වයත් සමග මෙවර සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් වලට අනුව කටයුතු කරමින් නිවෙස්වල සිටම පොහොය දිනය සමරමින් මිහිදුමාහිමිපානන්ට කෘතගුණ දක්වන ලෙස සියළුම බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටනවා යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.
අනුරාධපුර – මහේෂ් විජේසුරිය