ගල්කිස්ස වෙරළ තීරයේ සිට කළුතර කැලිඩෝ වෙරළ තීරය දක්වා නිර්මාණය කළ කෘතීම වැලි පෝෂණ තීරයේ වැලි මුහුදට ගසාගෙන යාම හේතුවෙන් ඉදිරියේදී අහිතකර ප්‍රතිවිපාක ඇති විය හැකි බවට පරිසරවේදීන් අනතුරු අගවනවා.
ගල්කිස්ස වෙරළ තීරයේ සිට කළුතර කැලිඩෝ වෙරළ තීරය දක්වා කෘතීම වැලි පෝෂණ තීරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය හරහා වැය කෙැරණු මුදල රුපියල් කෝටි 89 ක්.
පරිසර අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර ඇත්තේ 2019 වසරේ අප්‍රෙල් මස පළමු වැනිදායි.
ඉකුත් වසරේ මැයි මස 8 වැනිදා අනුමැතිය හිමි වනවා. ඉකුත් වසරේ සැප්තැම්බර් 12 වැනිදා ටෙන්ඩර් කැදවීම අවසන්වීමෙන් පසු තෝරාගත් සමාගමේ ටෙන්ඩරය ඔක්තෝම්බර් 8 වැනිදා ටෙන්ඩර් මණ්ඩලයෙන් අනුමත වනවා.
ඩෙන්මාර්ක් සමාගමකට ඊට අදාළ ව්‍යාපෘතිය පැවරෙන අතර මේ වසරේ ජනවාරි 14 වැනිදා අනුමත වු අදාළ ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වනවා.
මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වුණේ ඇදිරි නීතිය සමයේයි.
එහිදී සඳහන් කෙරුණේ ව්‍යාපෘතිය නිම කිරීමට දී තිබූ කාලය මාස 03ක් බවත් සිය අවශ්‍යතාවයක් මත ව්‍යාපෘතිය නතර කිරීමට සිදු වූවහොත් අදාළ සමාගමට ගෙවීම් කරන්නට සිදුවෙන බවයි.
ගල්කිස්ස වෙරළ තීරයේ ස්වභාවික පිහිටීම් පවා වෙනස් කරමින් මෙම කෘතිම වැලි පෝෂණ තීරය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක්ද මතු වුණා.
අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැලි මුහුදට ගසාගෙන යාමට පසළොස්වක පොහොය සහ ඇති වූ කුණාටු තත්ත්වයද හේතුවූ බවයි වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ.