අමෙරිකාවේ වොෂිංටන් අගනුවර පිහිටි සියලුම හමුදා කඳවුරු සහ පෙන්ටගනයේ ආරක්ෂක තත්ත්වය දැඩි කිරිමට එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා.

ආරක්ෂක තත්ත්වය දෙවන මට්ටමට (Charlie) ඉහළ නැංවීමට පියවර ගනු ලබන්නේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ හැකියාව ඇති බවට වන බුද්ධි අංශ වාර්තා පදනම් කරගෙනය.

අමෙරිකාවේ සියලුම ආරක්ෂක කඳවුරු වෙත අතිරේක ආරක්ෂාවක් යෙදවීමට පියවර ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

Similar Posts