පරිසර අමාත්‍යවරයාගේ සම්බන්ධිකරන ලේකම්වරයෙකුට අයත් කැබ්රියක යතුරු පැදියක් ගැටිමෙන් සිදුවු මාරාන්තික රිය අනතුරකින් බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්වි ඇති බව තලාව පොලිසියේ රථවාහන අංශය පවසයි.
ඇල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මොරගොඩ තලාව ප්‍රදේශයේදි අනතුර සිදුව තිබෙනා අතර අනතුරින් අංක 31 ජනඋදානගම කදන ස්ප්‍රිංවැලි පදිංචිකරුවෙකු වන 50 හැවරදි පිලානගමගේ චමින්ද නැමති බන්ධනාගාර නියාමකවරයා ජීවිතක්ෂයට පත්වි තිබේ.
ඔහු මාස තුනකට පමණ ඉහතදි වැඩ තහනමකට ලක්වු නිලධාරියෙකු බවට පොලිසියට වාර්ථාවි තිබුණත් ඔහු නැවතත් සේවයේ නිරතවන්නේද යන්න අනාවරණයවි නොතිබුණි.
මරණකරු තලාව නගරය දෙස සිට අනුරාධපුර නගරය දෙසට යතුරු පැදියෙන් ගමන්කරද්දි එම දිසාවෙන්ම පැමිණි පරිසර අමාත්‍යවරයාගේ සම්බන්ධිකරන ලේකම්වරයාට ලබාදි තිබෙන කැබ් රථය යතුරු පැදියේ ගැටිමෙන් පැදිකරු බරපතල තුවාල සිදුව රෝහල්ගත කිරිමෙන් පසුව ජීවිතක්ෂයට පත්වි තිබේ.කැබ් රථය පැදවු රියදුරා තලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
තලාව පොලිස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක උදයකුමාර මහතා ඇතුළු නිලධාරින් පිරිසක් අනතුර සම්බන්ධයෙන් පරික්ෂන සිදුකරති.
අනුරාධපුර – මහේෂ් විජේසුරිය