කොරෝනා වසංගත රෝග තත්වය හේතුවෙන් ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 129 දෙනෙකු අද අලුයම කරච්චි නුවර සිට , ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිඛෙනවා.
ඔවුන් රැගත් ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1282 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් මගීන් පිරිස සහ එම ගුවන් යානා කාර්යය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව, පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ඔවුන් යොමු කර තිබේ.